ඇලයන්ස් ෆිනෑන්ස් පීඑල්සී විසින් PRESERVING LAND AND NATURE (PLANT) ආයතනය සමඟ එක්ව රදැල්ල වතුයායේ ගඟේ තීරය නැවත වනාන්තරගත කිරීම සඳහා අවුරුදු පහක කාලය තුළ ගස් 105,000ක් රෝපණය කිරීමේ උත්සාහයකට සහය දක්වයි.
මෙම අර්ථවත් හවුල්කාරිත්වය පාරිසරික ප්‍රතිසංස්කරණය, වනාන්තර කොරිඩෝ නිර්මාණය කිරීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ප්‍රජා අභිවෘද්ධිය සඳහා අපගේ පුළුල් කැපවීමේ කොටසකි.මෙම මුලපිරීම හරහා, අපගේ හපන්නු ඉතුරුම් යෝජනා ක්‍රමය හරහා ගස් සිටුවීම මූල්‍ය සාක්ෂරතාවය සමඟ සම්බන්ධ කිරීමෙන් ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීම ද අපි අරමුණු කරමු. ඒ මගින් දරුවන්ට ඔවුන්ගේ ඉතිරිකිරීම් වර්ධනය කර ගැනීමට හැකියාවක් ලබා දෙන අතර සමකාලීනව ඔවුන් ආරක්ෂා කරන ගස්ද වර්ධනය වේ.
එක්ව, අපි සොබාදහම සහ අපගේ ප්‍රජාවන්ගේ අනාගතය යන දෙකම පෝෂණය කරන්නෙමු.





